කොරෝනා සටනට චීන වෛද්‍යවරුන් රටවල් 16කට

මැයි 03, 2020

    කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා චීනයේ වෛද්‍ය විශේෂඥයන් 149 දෙනෙක් රටවල් 16ක් වෙත යවා ඇති බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසන් සභාවේ ප්‍රකාශක මයි ෆෙන්ග් පවසයි.

    චීන රාජ්‍ය මාධ්‍ය වන චයිනා ග්ලෝබර් ටෙලිවිෂන් නෙට්වර්ක් උපුටා දක්වමින් විදෙස් වාර්තා මේ බව සඳහන් කරයි.

    වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමග දිගටම කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව මයි ෆෙන්ග් පවසයි.

    Last modified on ඉරිදා, 03 මැයි 2020 10:20

    Latest News