තමන්ව පැරදවීමට චීනය උත්සහ කරන බව ට්‍රම්ප් කියයි

අප්‍රේ 30, 2020

    ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර ඇත්තේ, එළඹෙන ජනාධිපතිවරණයේ දී තමන්ව පරාජය කිරීමට චීනය, හැකි ඕනෑම දෙයක් සිදුකරන බවයි.

    මේ හේතුවෙන් චීනයට දැඩි ප්‍රතිවිපාක රැසකට මුහුණ දීමට සිදුවන බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ සත්‍යය, චීනය ලෝකයට ප්‍රකාශ කළ යුතු බව ජනාධිපති ට්‍රම්ප් සඳහන් කරයි. කෙසේ වුවත් ලොවම දැඩි ව්‍යවසනයකට මුහුණ පා සිටින අවස්ථාවක අමෙරිකානු ජනාධිපතිවරයා සිට මැතිවරණ කටයුතු සඳහා පමණක් අවධානය යොමු කරන බව, ඇතැමුන් චෝදනා කරයි.

    Latest News