කොරෝනා වෛරසය ගැන ජාත්‍යන්තර පරීක්‍ෂණයට චීනයේ විරෝධය

අප්‍රේ 25, 2020

    කොරෝනා වෛරසය හටගත්‌ ආකාරය සම්බන්‌ධයෙන් ස්වාධීන හා ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ සිදු කිරීමට ඔස්ට්‍රේලියාව කරන ලද ඉල්ලීම චීනය ප්‍රතික්ෂේප කර තිබේ.

    ඔස්ට්‍රේලියාව විසින් මෙම ඉල්ලීම කරනු ලැබුවේ, එමගින්‌ රෝගය පාලනය කිරීමට අවශ්‍ය දත්ත ලබාගැනීම සඳහා බවයි පැවසෙන්නේ.

    වෛරසයේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන "වූනාන්‌” නගරයෙහි වෛරසය හටගත්‌ ආකාරය සහ පැතිරගිය ස්වභාවය සම්බන්ධයෙන්‌ පරීක්ෂණයක්‌ සිදු කිරීමට අමෙරිකාව ප්‍රමුඛ රටවල්‌ කිහිපයක්‌ බලාපොරොත්තු වේ. එම අදහස චීන බලධාරීන්ගේ විචේචනයට බඳුන්‌ වී තිබේ. එය හුදෙක්‌ දේශපාලනික වශයෙන්‌ සිදු කෙරෙන පෙළඹවීමක්‌ ලෙසිනුයි, ඔවුන්‌ හඳුන්වන්නේ. මෙවැනි ඉල්ලීම්වලින්‌ රෝගයට ඇති අවධානය හා සම්පත්‌ වෙනතකට යොමු විය හැකි බවයි, ඇතැම්‌ විචාරකයන්‌ පවසන්නේ.

    Latest News