කොවිඩ් මර්දනයට තවත් එන්නතක් - ඔක්ස්ෆර්ඩ් සරසවියෙන්

අප්‍රේ 16, 2020

    කොවිඩ් – 19 වෛරසය සඳහා එන්නතක් ලබන සැප්තැම්බර් මාසය වනවිට නිපදවිය හැකිවනු ඇති බව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ මහාචාර්යවරියක් වන සාරා ගිල්බර්ට් පවසයි.

    අදාළ එන්නතෙහි පළමු මිනිස් අත්හදා බැලීම ඉදිරි දින කිහිපයේදී ආරම්භ කිරීමට නියමිතව ඇති බව ‘ද ටයිම්ස්’ පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමින් ඇය සඳහන් කර තිබේ.

    පර්යේෂකයන් ප්‍රකාශ කර තිබුණේ, කොරෝනා වසංගතය සඳහා වන එන්නතක් නිපදවීමට මාස 18 ක පමණ කාලයක් ගතවන බවයි.

     

    Latest News