ජර්මනියේ සීමා මැයි 3 ලිහිල් වන ලකුණූ

අප්‍රේ 16, 2020

    කොරෝනා වයිරසය හේතුවෙන් ජර්මනිය පනවා ඇති සීමා ලිහිල් කිරීම පිළිබඳ ප්‍රාන්ත නායකයින් සමඟ සාකච්ඡා කිරීමට ජර්මානු චාන්ස්ලර් ඇන්ජෙලා මර්කෙල් මහත්මිය පියවර ගෙන තිබේ.

     

    එම සීමා අවම වශයෙන් මැයි 3 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට බර්ලිනයේ ෆෙඩරල් ආණ්ඩුවට අවශ්‍ය වී ඇතැයි ජර්මානු මාධ්‍ය වාර්තා පවසයි.

    කෙසේ වුවත් ඇතැම් වෙළෙඳසැල් දැඩී නීති මධ්‍යයේ අප්‍රේල් 20 වැනිදා සිට විවෘත වනු ඇත.

    අනෙකුත් බටහිර යුරෝපීය රාජ්‍යයන්ට සාපේක්ෂව ජර්මනිය කොරෝනා වයිරසය හේතුවෙන් ඉතා දැඩි බලපෑමකට ලක් නොවුණි.

    එරට මහජන සෞඛ්‍ය ආයතනයේ වාර්තා අනුව ජර්මනියෙන් ආසාදිත රෝගී මරණ සංඛ්‍යාව 804 කි.

    ගතවූ පැය 24 තුළ සිදුවී ඇති මරණ සංඛ්‍යාව 285 ක්. 

    Last modified on බ්‍රහස්පතින්දා, 16 අප්‍රේල් 2020 12:28

    Latest News