කොරෝනා ආසාදිත සංඛ්‍යාව ලක්ෂ 20 ඉක්මවයි - ලෝක තත්වය

අප්‍රේ 15, 2020

    ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2,023,664 ඉක්මවා ගොස් තිබේ.

    චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීම ආරම්භ වූ කොරෝනා වයිරසය මේ වනවිට රටවල් 214කට ගොස් ඇත.

    ඒ වනවිට ලොවපුරා කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය ගණන 128,894 ක් විය.

    ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත වලට අනුව ලොවපුරා කොරෝනා වයිරසය ආසාදනය වී සුව වූ සමස්ත ගණන 492,409 ක් ලෙස දැක්විණි.

    චීනයෙන් ආරම්භ වී යුරෝපයට කඩා වැදුණු කොරෝනා වයිරසයේ නව කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ, ඇමෙරිකා එක්සත් ජනපදයයි.

    Latest News