කොරෝනා අස්සේ කොරියාවේ ඡන්දයත්

අප්‍රේ 15, 2020

    කොරෝනා වෛරස තත්වය පැවතිය ද දකුණු කොරියාව අද සිට 21 වැනි පාර්ලිමේන්තු මැතිවරණය පවත්වයි.

    කොරෝනා වෛරස තර්ජනය හමුවේ ජාතික මැතිවරණයක් පවත්වන පළමු රට වන්නේ ද දකුණු කොරියාවයි. නිල වශයෙන් අද ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතව තිබුණ ද ජනතාව එක් රැස්වීම අවම කිරීම සඳහා ඊයේ දිනයේ සිට ඡන්ද දායකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දීමට පියවර ගැනිණ. ඒ අනූව, කොරියානු ජනාධිපති මුන් ජේ ඉං ද ඊයේ ඡන්දය ප්‍රකාශ කළේය. මෙවර මහ මැතිවරණයේ ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 44ක් වෙයි.

    ඡන්දය ප්‍රකාශ කෙරෙන්නේ මධ්‍යස්ථාන 14000කට අධික සංඛ්‍යාවකදී. දකුණු කොරියාවේ ජාතික සභාවට සාමාජිකයින් 300 දෙනෙකු තෝරා පත්කර ගැනීමට නියමිතයි.

    ඒ පක්ෂ ලැයිස්තුවෙන් 47 දෙනෙකු හා නියෝජිත ඡන්ද ක්‍රමය මගින් 253 දෙනෙකු ලෙසින්.

    Latest News