අමෙරිකානුවන්ගේ කොරෝනා බිය ඉහළට 26,064 ක් මරණයට

අප්‍රේ 15, 2020

    මෙතෙක් වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ දිනයේදී අමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා විය.

    ඊයේ දිනය තුළ පමණක් එරට සිදුවූ මරණ සංඛ්‍යාව 2407ක්.

    ඒ අනුව එරට කොරෝනා ආසාදිතයන් 26,000 ක් ඉක්මවා මරණයට පත්වී ඇත.

    අද (15) වනවිට මුළු ආසාදිතයන් ගණන 614,246 ඉක්මවා ඇත.

    සංඛ්‍යා ලේඛනයන්ට අනුව, ලොව දෙවැනියට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ, ඉතාලියෙනි. එම සංඛ්‍යාව 21,067

    ලොවපුරා කොරෝනා වෛරසය ආසාදනය වූවන්  2,000,066 ක් වාර්තා වේ.

    ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 126,754 ක් වන අතර පූර්ණ සුවය ලැබූ පිරිස  484,597 බවයි වාර්තා වන්නේ.

     

     

    Latest News