බෙල්ජියම් අගමැති ඉල්ලා අස්වෙයි

දෙසැ 19, 2018

    බෙල්ජියම් අග්‍රාමාත්‍ය චාල්ස් මිෂෙල් ධුරයෙන් ඉල්ලා අස්වෙයි.

    සංක්‍රමණික ගිවිසුමක් සම්බන්ධ ගැටලුවක් මීට හේතුවයි. එක්සත් ජාතීන්ගේ සංක්‍රමණික ගිවිසුමකට අත්සන් තැබීම සම්බන්ධයෙන් සන්ධාන රජයේ පාර්ශවකරුවන් අතර ඇතිවූ මතභේද අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමට හේතු වූ බව, විදෙස් මාධ්‍ය සඳහන් කරයි. අග්‍රාමාත්‍යවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාස භංගයක් රැගෙන ඒමේ සූදානමක් ද පැවතිණ. ඒ අනූව, ලබන මාසයේ පමණ හදිසි මහ මැතිවරණයක් පැවැත්වෙනු ඇති බව, වාර්තා වේ.

    අමෙරිකා එක්සත් ජනපදය හැර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සෙසු සියලු සාමාජිකයන් එක්ව එක්සත් ජාතීන්ගේ සංක්‍රමණික සම්මුතිය පිළිබඳ එකඟතාවකට පසුගිය ජුලි මාසයේ දී එළඹියේය. පසුගිය 10 වැනි දින පැවැති සමුළුවේ දී, ඊට රටවල් 164ක් අත්සන් තැබිණ.

    මේ සම්මුතිය හේතුවෙන් යුරෝපයට පැමිණෙන සංක්‍රමණිකයන් බිය පළකරති. එම නිසා, අගමැති මිෂෙල්ගේ සන්ධාන රජයේ ප්‍රධානතම දේශපාලන පක්ෂය වන ෆ්ලෙමිෂ් එලයින්ස් රජයෙන් ඉවත්වීමට තීරණය කළේය.

    Latest News