චීන-අමෙරිකා සාකච්ඡා

දෙසැ 20, 2018

    චීන-අමෙරිකා වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ජා පැවැත්වීමට තීරණය කෙරේ.

    ඒ අනුව, දෙරට අතර තවත් සාකච්ජාවක් ලබන ජනවාරි මස පැවැත්වීමට කටයුතු සම්පාදනය කර ඇති බව, විදෙස් වාර්තා සඳහන් කරයි. සාකච්ජා පැවැත්වීම පිළිබඳව චීන ආර්ථික අමාත්‍යාංශය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

    චීනය සහ අමෙරිකාව අතර හටගත් වෙළෙඳ යුද්ධය හේතුවෙන් දෙපාර්ශවය එකිනෙකාට එරෙහිව සම්බාධක පැනවීමට පියවර ගත්තේය. කෙසේ වුවද, චීන-අමෙරිකා වෙළෙඳ යුද්ධය ලෝක ආර්ථිකයට ද දැඩි බලපෑම් සිදුකර තිබේ.

    රටවල් දෙක අතර සමීප සබඳතාවක් ගොඩනඟා ගැනීමට නව සාකච්ජා ඉවහල් වනු ඇතැයි, විදෙස් වාර්තා පෙන්වා දෙයි. අමෙරිකාව තම රටට සම්බාධක පැනවීම තරමක් සීමා කිරීම පිළිබදව ප්‍රසාදය පළ කරන චීනය, ඉදිරියේ දී අමෙරිකානු මෝටර් රථ සඳහා තමන් පනවා ඇති බදු අඩු කිරීමට බලාපොරොත්තු වන බව ද කියා සිටී.

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න..Ru News Alert Super 00238

    Latest News