ජපානයේ පිපිරීමකින් 41කට තුවාල

දෙසැ 17, 2018

    උතුරු ජපානයේ සපෝරෝ නගරයේ අවන්හලක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 41කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

    පිපිරීමට හේතුව, මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැත. අදාළ පිපිරීම සිදුවන අවස්ථාවේ දී අවන්හල ඇතුළත සිටි පිරිස මෙලෙස තුවාල ලබා ඇති අතර, කුඩා දරුවෝ ද ඒ අතර වෙති. පිපිරීමෙන් ඇති වූ ගින්නෙන්, පුද්ගලයින් තුවාල ලබා ඇති අතර, ඉන් එක් අයෙකුගේ තත්වය බරපතල බව වාර්තා වෙයි.

    කෙසේ වෙතත්, ගෑස් කාන්දුවකින් පිපිරීම සිදුවන්නට ඇතැයි, එරට ඇතැම් මාධ්‍ය වාර්තා කරයි. ගින්න පැතිර යාම වැළැක්වීමට ගිනි නිවන භට කණ්ඩායම් යුහුසුලුව කටයුතු කළහ.

    Latest News