වූහාන්වල අද වනවිට කිසිදු රෝගියෙකු අලුතින් වාර්තා වී නැහැ

මාර් 19, 2020

    කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ වූහාන් නගරය තුළ අද වනවිට කිසිදු කොරෝනා රෝගියෙකු අලුතින් වාර්තා වී නොමැත.

    එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ, චීනය තුළින් ඊයේ වන විට වාර්තා වී තිබුණේ රෝගීන් 34 දෙනෙකු පමණක් බවයි. චීනයේ, ඊයේ දිනය තුළ වාර්තා වූ නව කොරෝනා රෝගීන් 34 දෙනා විදෙස් ගතව සිට පැමිණි පුද්ගලයන් බවයි වාර්තා වන්නේ. ඔවුන්ගෙන් 21 දෙනෙකු බීජිං නුවරින් හඳුනාගෙන තිබේ. වෛරසය රට තුළ පැතිරීමෙන් පසු රෝගීන් 80,928 දෙනෙකු වාර්තා වී තිබූ බව, චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම පෙන්වා දෙයි. රට තුළ සාමාන්‍ය ජනජිවිතය යළි යථා තත්වයට පත්වෙමින් පවතින බව විදෙස් වාර්තාවල සඳහන්.

    Last modified on බ්‍රහස්පතින්දා, 19 මාර්තු 2020 18:29

    Latest News