ලෝකප්‍රකට පාපන්දු ක්‍රීඩක රොනාල්ඩිනෝ අත්අඩංගුවට

මාර් 07, 2020

    බ්‍රසීල ජාතික පාපන්දු ක්‍රීඩක රොනාල්ඩිනෝ සහ ඔහුගේ සොහොයුරා පැරගුවේදී අත්අඩංලුවට ගෙන තිබේ.

    ඒ එරටට ඇතුළුවීමට ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිත කිරීම හේතුවෙන්.

    2019 දී බදු නොගෙවීම හා නීතිවිරෝධී ඉදිකිරීම් සම්බන්ධයෙන් දඩ නොගෙවීම නිසා ඔහුගේ බ්‍රසීල සහ ස්පාඥ්ඥ ගමන් බලපත්‍ර රාජසන්තක කෙරිණ.

    39 හැවරදි රොනාල්ඩෝ 2004 සහ 2005 වසර වලදී වසරේ හොඳම ජාත්‍යන්තර ක්‍රීඩකයා බවට පත්වුණා.

    2002 දී ලෝක පා පන්දු කුසලානය බ්‍රසීලයට දිනා දෙන්නට ඔහු දායකත්වය ලබා දුන්නා.

    රොනාල්ඩෝගේ වත්කම් ප්‍රමාණය දළ වශයෙන් යුරෝ මිලියන 80 ත් 100 ත් අතර වන බවයි වාර්තා වන්නේ.

    Latest News