සිරියානු සරණාගතයන්ට යුරෝපයට ඇතුළුවීමට ඉඩ දිය නොහැකියි; යුරෝපා සංගමය

මාර් 07, 2020

    සිරියානු සරණාගතයන්ට යුරෝපයට ඇතුළුවීමට ඉඩ දිය නොහැකි බව, යුරෝපා සංගමය දන්වා තිබෙනවා.

    ඒ, සිරියානු සරණාගතයන් 40,000කට ආසන්න සංඛ්‍යාවක් යුරෝපයට ඇතුළුවීම සඳහා උත්සාහ දරමින් සිටින අවස්ථාවකයි. යුරෝපය කේන්ද්‍ර කර ගනිමින් නව සරණාගත ප්‍රශ්නයක් ඉස්මතු වී තිබෙනවා. ඒ, සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශයේ සටන් ඇවිලීම හේතුවෙන් එහි ජනතාව පලායාමට සූදානම් වීමත් සමඟයි. සරණාගත ප්‍රවාහය වැඩිවෙත්ම තුර්කිය තම දේශසීමාව විවෘත කළා. ඒ, සරණාගතයන්ට තුර්කිය හරහා ග්‍රීසිය වෙත ළඟාවීමටයි. යුරෝපා සංගමයේ දකුණු දිග මායිම ලෙස සැලකෙන්නේ ග්‍රීසියයි. මේ වනවිට සරණාගතයන් ශ්‍රීක දේශසීමාව අසළ රැස් වී කළහකාරී ලෙස හැසිරෙමින් සිටිනවා. එහෙත් ග්‍රීසිය පවසන්නේ, ඔවුන්ට රටට ඇතුළුවීමට ඉඩ දිය නොහැකි බවයි.

    Last modified on සෙනසුරාදා, 07 මාර්තු 2020 13:31

    Latest News