කොරෝනා පැතිර යන රටවල සිට පැමිණෙන්නන්, හෙට සිට නිරෝධායන මධ්‍යස්ථාන 2කට

මාර් 08, 2020

    කොරෝනා වෛරසය පැතිර යන රටවල්වල සිට මෙරටට පැමිණෙන්නන් හෙට සිට නිරෝධායන මධ්‍යස්ථාන 2ක් සඳහා යොමු කෙරේ. සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරන්නේ, ඒ සඳහා මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය සහ කන්දකාඩු ප්‍රතිකාර හා පුනුරුත්ථාපන මධ්‍යස්ථානය යොදා ගන්නා බවයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග පැවති සාකච්ජාවේදී මෙරට පැමිණෙන්නන් නිරෝධායනය සඳහා මධ්‍යස්ථාන දෙකක් ස්ථාපනය කිරීමට තීරණය කෙරුණු බවයි, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ. ඒ අනූව, කොරෝනා වෛරසය සීග්‍රයෙන් පැතිරෙන ඉරානය,දකුණු කොරියාව හා ඉතාලියේ සිට මෙරටට පැමිණෙන සියලු පුද්ගලයින් නිරෝධායනය සඳහා යොමු කෙරේ. තෝරාගත් එක් මධ්‍යස්ථානයක් වන්නේ, මඩකලපුව, පුද්ගලික විශ්වවිද්‍යාලයයි. එය තරමක හුදකලා ප්‍රදේශයක පිහිටා තිබේ. පසුගිය සමයේ මෙම විශ්වවිද්‍යාලය පිළිබඳ වැඩි කථාබහකට ද ලක් විය. ඊට අමතරව, තෝරා ගෙන ඇත්තේ කන්දකාඩු ප්‍රතිකාර හා පුනුරුත්ථාපන මධ්‍යස්ථානයයි.

    එම මධ්‍යස්ථානය වැලිකන්ද ප්‍රදේශයේ පිහිටා තිබේ. කලක් එල් ටී ටී ඊ සංවිධානයේ ක්‍රියාකාරකම් පැවති ස්ථානයක් වන මෙය, දැනට පවත්වාගෙන යන්නේ, විවිධ හේතු නිසා නොමගගිය පුද්ගලයන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානයක් ලෙසයි.

    Last modified on ඉරිදා, 08 මාර්තු 2020 09:46

    Latest News