කොරෝනා ලැයිස්තුවට වතිකානය - සර්බියාව - ස්ලෝවැකියාව - පේරු - ටෝගෝ

මාර් 07, 2020

    නව කොරෝනා වෛරසයට ගොදුරු වූ රටවල් ලැයිස්තුවට කුඩාම රාජ්‍ය වූ වතිකානය රාජ්‍යය, සර්බියාව, ස්ලෝවැකියාව, පේරු සහ ටෝගෝ රාජ්‍යයන් ද එක්වේ.

    ඒ අනුව චීනය ඇතුළු කොරෝනා ආසාදිතයන් වාර්තා වන රටවල් සංඛ්‍යාව 100කට ආසන්න අතර වාර්තාවන මරණ ගණන 3433කි.

    චීනයෙන් ආරම්භ වී ලොව පුරා පැතිර යන නව කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි.

    යුරෝපා කලාපය තුළ නව කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ ඉතාලියටයි.

    මේ වන විට එරට ආසාදිතයින් 4,600කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 197 දක්වා ඉහළ ගොස් තිබේ.

    දකුණු කොරියාවේ කොරෝනා වෛරසය අසාදනය වු පුද්ගලයින් ගණන 6,593 දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 42 ක් වාර්තා වනවා.

    ඒක්සත් රාජධානියෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 164කි.

    ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ඩොලර් බිලියන 8.3ක හදිසි අරමුදල් සපයන පනතකට අත්සන් කර තිබේ.

    ප්‍රංශයේ මේ වන විට පුද්ගලයින් නව දෙනෙකු මියගොස් ඇති අතර 577 දෙනෙකුට වෛරසය වැළඳී ඇති බව තහවුරු වී තිබේ.

    Latest News