දකුණු අප්‍රිකාවේ සරණාගත කඳවුරක් ඉවත් කිරීමට අධිකරණ නියෝගයක්

මාර් 02, 2020

    දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් අගනුවර ඉදිකර තිබූ සරණාගත කඳවුරක් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

    ඒ අදාළ කඳවුර ඉවත් කරන ලෙස ලබාදුන් අධිකරණ නියෝගයකට අනුවයි.

    දකණු අප්‍රිකාවේ කේප්ටවුන් අගනුවර ඓතිහාසික දේවස්ථානයක් අබියස ඉදිකර තිබූ සරණාගත කඳවුරක් අධිකරණ නියෝගයකට අනුව එම ස්ථානයෙන් ඉවත් කර තිබේ.

    එහි රැඳී සිටි සරණාගතයන් විසුරුවාහැරීමටත් එරට පොලීසිය පියවර ගෙන තිබුණි.

    අප්‍රිකානු මහද්වීපය පුරා රට වලින් පැමිණි සරණාගත පිරිස් එහි වාසය කළ බවත් සඳහන්.

    මෙහිදී ඇතැම් පුද්ගලයන් කඳවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධය සහ දැඩි ශෝකය පල කර සිටියේය.

    Latest News