කොරෝනා ආසාදිතයින් 80%ක්ම අනතුරුදායක තත්වයක නැහැ

පෙබ 19, 2020

    නව කොරෝනා වෛරසය ශරීරගත වන පුද්ගලයන්ගෙන් 80%ක්ම අනතුරුදායක තත්වයකට මුහුණ නොදෙන බව චීනය සිදුකළ අලුත්ම විද්‍යාත්මක අධ්‍යයනයකින් හෙළිවී තිබේ.

    එහි අනතුරුදායක බව වැඩි වන්නේ වයස්ගත හා ශාරීරික දුර්වලතා පවතින අයට බවයි, අධ්‍යයනයේ ප්‍රතිඵල පෙන්වා දෙන්නේ. කොවිඩ් 19 රෝගයට ගොදුරු වන අය අතරින් මාරාන්තික අවදානම වැඩි පුරුෂ පක්ෂවලට බව තහවුරු වී තිබේ. පිරිමි ආසාදිතයන්ගේ මරණ අනුපාතය 2.8%ක් වන අතර කාන්තාවන් අතර එම අගය පවතින්නේ 1.7%ක් ලෙසයි. එමෙන්ම, දියවැඩියාව,ශ්වසන ආබාධ හා අධික රුධිර පීඩනය සහිත පුද්ගලයන් නව කොරෝනා වෛරසයට ගොදුරු වීමේ ඉහළ අවදානමක පසුවන්නන් බව ද චීන අධ්‍යයනය මගින් හෙළි වී තිබේ. දැනට මරණ සංඛ්‍යාව 1,868ක් ලෙසයි වාර්තා වන්නේ. සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 72,436ක් දක්වා වැඩි වී තිබේ.

    Last modified on බදාදා, 19 පෙබරවාරි 2020 10:41

    Latest News