අමෙරිකාවෙන් පළමුවරට කුරුළු උණ රෝගියෙක්

අප්‍රේ 30, 2022

    අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයෙන් 'H5' කුරුළු උණ ආසාදිතයෙකු මුල්වරට හදුනාගෙන ඇත. ඒ පිළිබඳ එර‌ට සෞඛ්‍ය අංශ දැඩි අවදානයකින් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    'H5' කාණ්ඩයේ විශේෂිත කුරුළු උණ ආසාදිතයෙකු ගෝලීය වශයෙන් හදුනා ගනු ලැබූ දෙවන අවස්ථාව මෙයයි. 2021 වසරේ දෙසැම්බර් මාසායේ දී බ්‍රිතාන්‍යයෙන් පළමු 'H5' කුරුළු උණ ආසාදිතයා හදුනා ගෙන තිබුණි.

    කොලරාඩෝ ප්‍රාන්තයෙන් හදුනා ගත් ආසාදිතයාව මේවන විට සුවය ලබා ඇති බව වාර්තා වෙයි.

    ඔහුට දින කිහිපයක් අධික තෙහෙට්ටුව වැනි රෝග ලක්‍ෂණ පැවැති බව වෛද්‍යවරු පවසයි. හුදෙකලා කොට ඉන්ෆ්ලුවෙන්සා ප්‍රති වෛරස් ඖෂධයක් වන ඔසෙල්ටාමිවර් ලබා දීමෙන් පසු රෝගිය සුවය ලබා ඇතැයි, විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරයි.

    Last modified on සෙනසුරාදා, 30 අප්‍රේල් 2022 09:23

    Latest News