ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබාදීමට ගත් තීරණය තුළින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිඳ වැටේ කියා යම් පාර්ශව සඳහන් කළත් එසේවීමට ඉඩනොදෙන බව තාක්ෂණික හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා පවසයි.

ඉදිරි පැය 48 තුල දී ශ්‍රීලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව කැඳවා තීරණාත්මක විසඳුමකට එළැඹීමට ඊයේ පැවති පාර්ලිමේන්තු කණ්ඩායම හමුවේ එකඟතාවයකට පැමිණි බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.

හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාලට ක්‍රිකට් ආයතනයේ තනතුරු දැරීම වළක්වමින් තාවකාලික තහනමක් පැනවීමට ක්‍රීඩා අමාත්‍යවරයා පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සදහා එහි හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා විසින් භාර දී ඇති නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සමක් විභාග කිරීම ලබන ජනවාරි මස 22 වනදා  දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයට තිලංග සුමතිපාල මහතා විසින් භාර දී ඇති නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම විභාග කිරීම ලබන සඳුදා (12/03) දක්වා කල් තැබීණ.

Latest News