නේපාලයේ කත්මණ්ඩු හා ෆොකාරා යන නගරවල දී පැවැති 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ කණ්ඩායම අද (08) අළුයම 4.30 කටුනායක ගුවන් තොටුපලින් දිවයිනට පැමිණියේය.

වසර 28කට පසුව දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී මලල ක්‍රීඩා ඉසව්වලින් රන් පදක්කම් 15ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම සමත්වුණා.

නේපාලයේ, කත්මන්ඩු නුවර පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ තුන් පිම්ම කාන්ත ඉසව්වේ රන් පදක්කම හෂිනි පබෝධ හිමිකර ගත් අතර රිදි පදක්කම විදූෂා ලක්ෂානි හිමිකර ගත්තාය.

13 වැනි දකුණු ආසියානු මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 1500 දිවිමේ තරගයෙන් නිලානි රත්නායක රන් පදක්කම හිමිකර ගනී.

නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට පළමු පදක්කම රන් පදක්කම හිමිකර දීමට රනුක ප්‍රභාත් අද (02) සමත් විය.

Latest News