13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව පළමු රන් පදක්කම දිනයි

දෙසැ 02, 2019

    නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට පළමු පදක්කම රන් පදක්කම හිමිකර දීමට රනුක ප්‍රභාත් අද (02) සමත් විය.

    වයස අවුරුදු 17 – 23 කාණ්ඩයේ ටයිකොන්ඩෝ පිරිමි “Poomse” ඒකල ඉසව්ව රනුක ප්‍රභාත් නියෝජන කළ තරග ඉසව්වයි. එමෙන්ම වයස අවුරුදු 23 ට පහළ ටයිකොන්ඩෝ මිශ්‍ර යුගල “Pair-Poomse” ඉසව්වෙන් ඉසුරි සුහාරා හා රනුක ප්‍රභාත් තවත් රන් පදක්කමක් දිනා ගැනීමට සමත්විය.

    තවද ෂානි හෙට්ටිආරච්චි විසින් කරාටේ කාන්තා “Kata” ඒකල ඉසව්වේ ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය. එමෙන්ම
    එස්. බාලුරාජ් විසින් කරාටේ පිරිමි “Kata” ඒකල ඉසව්වේ ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය.

    Latest News