වසර 28කට පසු SAG මලල ක්‍රීඩා ඉසව්වලින් ශ්‍රී ලංකාවට රන් පදක්කම් 15ක් (වීඩියෝ)

දෙසැ 07, 2019

    වසර 28කට පසුව දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී මලල ක්‍රීඩා ඉසව්වලින් රන් පදක්කම් 15ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම සමත්වුණා.

    අද දිනයේ ද ශ්‍රී ලංකාව මලල ක්‍රීඩාවලින් රන් පදක්කම් 6ක් හිමිකර ගත්තා.
    ශ්‍රී ලංකාව වෙනුවෙන් අද ප්‍රථම රන් පදක්කම දිනා ගත්තේ, කාන්තා මැරතන් ධාවන තරගයෙන් හිරුණි විජේරත්නයි. තරගය නිම කිරීමට ඇය ගත කළ කාලය පැය 2යි, විනාඩි 41යි, තත්පර 24ක්.
    මීටර 800 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම සහ රිදී පදක්කම ශ්‍රී ලංකාවට හිමිවුණා. රන් පදක්කම දිල්ෂි මහීෂාට හිමිවූ අතර රිදී පදක්කම ටී. ගුණතිලක හිමිකර ගත්තා.
    මීටර 800 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම හිමිවුණේ ද ශ්‍රී ලංකාවටයි. ඉඳුනිල් මධුෂාන් ශ්‍රී ලංකාව නියෝජනය කළ අතර තරගය නිමා කිරීමට ඔහු ගත කළ කාලය විනාඩි 1යි, තත්පර 50.51ක්.
    කාන්තා හෙල් විසිකිරීමේ ඉසව්වේ රන් සහ රිදී පදක්කම් දෙකම ශ්‍රී ලංකාවට හිමිවුණා. රන් පදක්කම නදීෂා දිල්හානි දිනාගත් අතර, ඇය දැක්වූ දක්‍ෂතාවය මීටර 55.02ක්. රිදී පදක්කම හිමිකරගත් නදීකා ලක්මාලි දැක්වූ දක්‍ෂතාවය මීටර 54.41ක්.
    කාන්තා මීටර් 400 x 4 තරග ඉසව්වේ ප්‍රථම ස්ථානය හිමිවුණේ ද ශ්‍රී ලංකාවටයි. ඊට ඔමායා උදයංගනී, ටීත ගුණතිලක, මධූ කෞෂල්‍යා සහ දිල්ෂි මහීෂා එක්ව සිටියා. තරග නිමා කිරීමට ඔවුන් ගත කළ කාලය විනාඩි 3යි තත්පර 41.1ක්.
    පිරිමි මීටර් 400 x 4 තරග ඉසව්වේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ද ශ්‍රී ලංකාව අද සමත්වුණා. අරණ දර්ශණ, සෙනිර දුලක්‍ෂණ, රජිත නෙරන්ජ සහ ලක්මාල් ප්‍රියත්න ඊට එක්ව සිටියා තරගය ඔවුන් නිමා කළේ විනාඩි 3යි තත්පර 8.04ක කාලයකින්.

    Last modified on සෙනසුරාදා, 07 දෙසැම්බර් 2019 22:42

    Latest News