update-'සාග්' තුන් පිම්ම රන් - රිදී පදක්කම් 2කම ශ්‍රි ලංකාව

දෙසැ 05, 2019

    නේපාලයේ, කත්මන්ඩු නුවර පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ තුන් පිම්ම කාන්ත ඉසව්වේ රන් පදක්කම හෂිනි පබෝධ හිමිකර ගත් අතර රිදි පදක්කම විදූෂා ලක්ෂානි හිමිකර ගත්තාය.

    මීටර් 400 පිරිමි සහ කාන්තා ධාවනය තරගයෙන් ශ්‍රී ලංකාව රන් පදක්කම් දිනාගැනීමට සමත්ව විය. පිරිමි මීටර් 400 ධාවන තරගයෙන් රන් පදක්කම අරුණ දර්ශන හිමිකර ගත් අතර ඔහුගේ තරග අවසන් කාලය තත්පර 46 දශම හයයි නවයකි. මෙම ඉසව්වේ රිදී පදක්කම ලක්මාල් ප්‍රියන්ත විසින් හිමිකරගනු ලැබිණ. තත්පර 46 දශම හතයි නවයකින් ඔහු තරගය අවසන් කිරීමට සමත් විය. කාන්තා මීටර් 400 ධාවන තරගයේ රන් පදක්කම ඩිල්ෂි කුමාරසිංහ හිමිකරගත්තාය. ඇයට තරගය අවසන් කිරීමට ගතවූ කාලය තත්පර 53 දශම හතරකි.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 05 දෙසැම්බර් 2019 12:11

    Latest News