ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය උදුරාගත් පකිස්තානයට එරෙහි ඔසඳගේ සටන හෙට දිනටත්

දෙසැ 22, 2019

    ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර, දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අවසන් වනවිට ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම සඳහා කඩුලු 7ක් දැවී ලකුණු 212ක් ලබා සිටී.

    ඒ අනුව ශ්‍රී ලංකාවට තරගය ජය ගැනීම සඳහා කඩුලු 3ක් අතැතිව තවත් ලකුණු 264ක් ලබාගත යුතුව තිබේ. තරගය පැවැත්වෙන්නේ, කරච්චි ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ. අද තරගය ආරම්භ කරන විට පකිස්තානය දෙවැනි ඉනිමට කඩුලු 2ක් දැවී ලකුණු 395ක් ලබා සිටියා. නායක අසාඩ් අලී 16 වැනි අර්ධ ශතකය අද වාර්තා කිරීමට සමත්විය. ඔහු ලකුණු 118කට දැවී ගියේය. බාබාර් අසාම් තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ සිව්වන ශතකය වාර්තා කළේය.

    පකිස්තානය තම දෙවැනි ඉනිම සඳහා කඩුලු 3ක් දැවී ලකුණු 555ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළේය. අනතුරුව ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ආරම්භ කළේ නායක දිමුත් කරුණාරත්න සහ ඔෂඳ ප්‍රනාන්දු. දිමුත් ලකුණු 16කට සහ ඉන් අනතුරුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් ලකුණු නොලබාම දැවී ගියේය. ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, සහ ධනංජය ද සිල්වා අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට පකිස්තාන පන්දු යවන්නන් සමත්වූහ. 6 වැනි කඩුල්ල සඳහා ඔෂඳ ප්‍රනාන්දු සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 104 ක සබඳතාවක් ගොඩ නැගීමට සමත්වූහ. නිරෝෂන් දික්වැල්ල ලකුණු 65යි. ඔෂඳ ප්‍රනාන්දු තම ටෙස්ට් දිවියේ මංගල ශතකය වාර්තා කිරීමට සමත්විය. දිනය නිමාවන විට ඔහු නොදැවී ලකුණු 102ක් ලබා සිටියේය.

    Latest News