ලක්මාතාව රනින් බැබළවූ දූ පුතුන් මව්බිමට

දෙසැ 12, 2019

    දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් මලල ක්‍රීඩක-ක්‍රීඩිකාවන් ඊයේ රාත්‍රි දිවයිනට පැමිණියේය.

    කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොලේදී ඔවුන් උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ, ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්. නේපාලයේ පසුගියදා පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක-ක්‍රීඩිකාවන් 600ක් පමණ සහභාගි වූහ. ඒ, ක්‍රීඩා ඉසව් 27ක් නියෝජනය කරමින්. ඔවුන් අතරින් මලල ක්‍රීඩක-ක්‍රීඩිකාවන් ඉහළම දක්‍ෂතා ප්‍රදර්ශනය කළේය. රන් පදක්කම් 15ක්, රිදී පදක්කම් 11ක් සහ ලෝකඩ පදක්කම් 08 හිමිකර ගැනීමට ඔවුන් සමත්වූහ. දකුණු ආසියානු ක්‍රීඩා ඉතිහාසයේ 1991 වසරෙන් පසුව ශ්‍රී ලංකාව, මලල ක්‍රීඩා ඉසව්වෙන් හිමිකරගත් වැඩිම රන් පදක්කම් සංඛ්‍යාව ද මෙයයි.

    Latest News