ධනංජයගේ හුදකලා සටනට ආලෝකයෙන් දෙවන දිනටත් බාධා

දෙසැ 12, 2019

    ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද දෙවන දිනටත් රාවල්පින්ඩ්හිදී පැවැත්විණ.

    අද තරගය සඳහා විවින් විට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් නියමිත පන්දුවාර සංඛ්‍යාව පැවැත්වීමට හැකි වුයේ නැහැ. අද දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකාව පළමු ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 202ක් ලබා සිටියේය. නොදැවී පන්දුවට පහර දෙමින් සිටියේ ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල. ලකුණු 33ක් ලබා සිටියදී දික්වැල්ල දැවී ගියේ 6 වන කඩුල්ල ලෙසයි. අද දිනය නිමා වනවිට ශ්‍රී ලංකාව පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 263ක් ලබා සිටියේය. ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 72යි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආරක්‍ෂක උපදේශක හිටපු ගුවන් හමුදාපති එයාර් මාෂල් රොෂාන් ගුණතිලක, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අසන්ත ද මෙල් යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක්, ඊයේ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා හමුවී තිබේ. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලබාදී ඇති ආරක්‍ෂාව සම්බන්ධයෙන් ද සාකච්ජා කර ඇති බව වාර්තාවේ.

     

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 12 දෙසැම්බර් 2019 20:28

    Latest News