ශ්‍රී ලංකා-පකිස්තාන පළමු ටෙස්ට් තරගය; ශ්‍රී ලංකාව 202/5 යි

දෙසැ 11, 2019

    ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද රාවල්පිණ්ඩිහිදී ආරම්භ විය.

    2009 වසරෙන් පසුව පකිස්තානයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මෙයයි. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඉනිම ආරම්භ කළේ, නායක දිමුත් කරුණාරත්න සහ ඔෂධ ප්‍රනාන්දු. දිමුත් ලකුණු 59කට දැවී ගිය අතර, ඔෂධ ප්‍රනාන්දු ලකුණු 40යි. ඇන්ජලෝ මැතිව්ස් රැස් කළ ලකුණු සංඛ්‍යාව 31ක්. දිනය නිමාවන විට ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 38යි. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 202ක් ලබා සිටී. හෙට තරගයේ දෙවන දිනයයි.

    Latest News