"සනත් ජයසූරිය ඇකඩමි" සම්මාන උළෙල - සනිතුට හා සන්තුල්ට සම්මාන 5ක් (විඩියෝ)

නොවැ 27, 2018
  • සනත් ජයසූරිය ක්‍රිකට් ඇකඩමියේ වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා පැවැත්විණ.

    එහි ප්‍රධාන ආරාධිතයා වූයේ ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම් නායක අර්ජුන රණතුංග මහතායි. 2017 - 2018 තරගාවලියේ දී දස්කම් දැක්වූ ජයසූරිය ඇකඩමියේ ක්‍රීඩකයන් රැසක් වයස් කාණ්ඩ හතරක් යටතේ මෙහි දී සම්මාන දිනා ගනු ලැබීය.

    මෙම සම්මාන උළෙලේ දී සන්තුල් හා සනිතු විජයරත්න සොහොයුරන් සම්මාන 05ක් දිනා ගැනීම විශේෂත්වයකි. 9 හැවිරිදි සන්තුල් විජයරත්න වයස 11න් පහළ වයස් කාණ්ඩයේ වසරේ ක්‍රිකට් ක්‍රීඩක අනුශූරතාව, වසරේ දක්ෂතම පිතිකරු, වසරේ හොඳම පන්දු යවන්නා සඳහා අනුශූරතාවයට සහ වසරේ සුවිශේෂී දක්ෂතා රැසක් පෙන්වීම වෙනුවෙන් ද විශේෂ සම්මානයක් දිනා ගත්තේය. සනත් ජයසූරිය ඇකඩමිය වෙනුවෙන් ශතකයක් රැස් කළ ලාබාලතම ක්‍රීඩකයා බවට පත්වීම හා සංචාරක කටාර් කණ්ඩායමට එරෙහිව පෙන්වූ සුවිශේෂී දස්කම් මෙම විශේෂ සම්මානය ලබාදීමට හේතු විය.

    සන්තුල් සහ සනිතු විජයරත්න සනත් ජයසූරිය ඇකඩමියේ වර්ණ දිනා ගත්තේය.

    සනත් ජයසූරිය පුත් රනුක් ජයසූරිය වයස 13න් පහළ වසරේ නැගී එන ක්‍රීඩකයාගේ සම්මානය හිමිකර ගැනීම ද විශේෂත්වයකි. වසරේ නැගී එන ක්‍රීඩකයන් ලෙස සම්මාන හිමි කර ගත්තේ හේලික ප්‍රනාන්දු, රාහුල් හෙට්ටිආරච්චි හා තරීන් වීරසිංහයි. වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය වසය 9, 11, 13 හා 15 කාණ්ඩ සඳහා පිළිවෙලින් දිනාගත්තේ සන්දුල් අභයවර්ධන, රවින්ත ද සිල්වා, දිලන දම්සර හා දුවිදු සිල්වායි.

    Santhul Wijeyarathne

    Sanithu Wijeyarathnejpg

    chamara

    GYPSYS

    Sanath with Kids

    AWARDS

    Last modified on අඟහරුවාදා, 27 නොවැම්බර් 2018 16:33

    Latest News