ලොව වේගවත්ම ක්‍රීඩකයා ක්‍රිස්ටියන් කෝල්මන්

සැප් 29, 2019

    ලොව වේගවත්ම ක්‍රීඩකයා බවට පත්වීමට අමෙරිකාවේ ක්‍රිස්ටියන් කෝල්මන් ඊයේ සමත්විය.

    ඒ, ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 ධාවන ඉසව්ව ජය ගනිමින්. තරගාවලිය පැවැත්වෙන්නේ දෝහා කටාර්හිදී. ක්‍රිස්ටියන් කෝල්මන් මීටර 100 ඉසව්ව ජයගත්තේ තත්පර 9.76ක කාලයක් වාර්තා කරමින්. අමෙරිකාවේ ජස්ටින් ගැට්ලින් තත්පර 9.89කින් තරගය නිමා කරමින් රිදී පදක්කම දිනා ගැනීමට සමත්විය. ලෝකඩ පදක්කම කැනඩාවේ ඇන්රේ ඩී ග්‍රාස් ක්‍රීඩකයාට හිමිවිය.

    Latest News