උරුගුවේ කණ්ඩායමට තියුණු ජයක්

සැප් 25, 2019

    ලෝක කුසලාන රග්බි තරගාවලියේ ෆිජී සහ උරුගුවේ කණ්ඩායම් අතර පැවති තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට උරුගුවේ කණ්ඩායම සමත්වුණා.

    තරගය අද පැවැත්වුණේ, ඩී කාණ්ඩය යටතේ. ප්‍රබල ෆිජී කණ්ඩායමට තරගයේ මුල සිටම අභියෝගයක් එල්ල කිරීමට උරුගුවේ ක්‍රීඩකයින් සමත්වුණා. තරගය නිමාවන විට ලකුණු පුවරුව දැක්වුණේ 30-27ක් ලෙසයි. උරුගුවේ කණ්ඩායම ලබාගත් ලකුණු 30ට දඬුවම් පහර 3ක්, ප්‍රවර්තන ගෝල 3ක් සහ උත්සාහක ගෝල 3ක් ඇතුළත්. ෆිජී කණ්ඩායම ප්‍රවර්තන ගෝලයක් සහ උත්සාහක ගෝල 5ක් ලබාගත්තා.

    Latest News