දිනේෂ් චන්දිමාල් Ncc හැර යයි

සැප් 25, 2019

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීකට් කණ්ඩායම නියෝජනය කිරීමට තීරණය කර තිබේ.

    ඔහු මීට පෙර අන්තර් සමාජ තරග ක්‍රීඩා කළේ එන් සී සී කණ්ඩායම නියෝජනය කරමින්. අධිකාරී ලත් නිලධාරියෙකු ලෙස දිනේෂ් චන්දිමාල් යුධ හමුදාවට බැදී තිබෙන්නේ ස්වේච්ඡා බලකා යුධෝපකරණ රෙජිමෙන්තුව සදහායි.

    මේ අනුව ඉදිරයේදී පැවැත්වෙන අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේදී චන්දිමාල් ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම නියෝජනය කරනු ඇත.

    Latest News