ශ්‍රී ලංකා-පකිස්තාන පළමු තරගය හෙට (27) අයි නාලිකාවෙන්

සැප් 26, 2019

    ශ්‍රී ලංකා-පකිස්තාන ක්‍රිකට් තරගාවලිය හෙට (27) ආරම්භ කෙරෙනවා.

    එය රූපවාහිනී අයි නාලිකාව ඔස්සේ සජීව ලෙස නැරඹිය හැකියි. එක්දින තරග තුනක් සහ 20-20 තරග තුනක් තරගාවලියට ඇතුළත්වේ. ළහිරු තිරිමාන්න ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම මෙහෙයවන අතර, දසුන් ශානක 20-20 කණ්ඩායමට නායකත්වය ලබා දෙයි. දෙරට අතර පළමු තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 26 සැප්තැම්බර් 2019 19:54

    Latest News