ශ්‍රී ලංකා-නවසීලන්ත දෙවන ටෙස්ට් තරගයේ ප්‍රථම ඉනිමට ශතක 2ක්

අගෝ 24, 2019

    ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි.

    අද දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථම ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 244ක් රැස් කළා. සිය ටෙස්ට් දිවියේ පස්වැනි ශතකය වාර්තා කරමින් ධනංජය ද සිල්වා ලකුණු 109ක් රැස් කිරීමට සමත්වුණා. දිමුත් කරුණාරත්න ලකුණු 65යි. පන්දු යැවීමේදී ටිම් සවුති කඩුලු 4යි. දිනය නිමා වනවිට නවසීලන්ත කණ්ඩායම ප්‍රථම ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 196ක් ලබා ගෙන සිටියා. ටොම් ලේතම් ලකුණු 111ක් සහ වොට්ලින් ලකුණු 25ක් ලබා කඩුල්ලේ රැඳී සිටිනවා. 

    Latest News