මහනුවර සහ යුද හමුදා කණ්ඩායමට ජය

නොවැ 19, 2018

    අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු කාණ්ඩයේ තරග දෙකක් ඊයේ පැවැත්විණ.

    ඉන් ජය වාර්තා කිරීමට මහනුවර සහ යුද හමුදා කණ්ඩායම් සමත්වූහ. මහනුවර සහ පොලිස් කණ්ඩායම් අතර තරගය මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. පළමු අර්ධය නිමා වූණේ, ලකුණු 17-10ක් ලෙස, මහනුවර ක්‍රීඩකයින් ඉදිරියෙන් සිටිමින්. දෙවන අර්ධයේ දී මහනුවර කණ්ඩායම තවත් ලකුණු 15ක් රැස් කළේය.

    පොලිස් කණ්ඩායම රැස් කළේ, ලකුණු 13ක් පමණයි. ඒ අනුව, ලකුණු 32-23ක් ලෙස තරගය ජය ගත්තේ, මහනුවර කණ්ඩායමයි. මහනුවර ක්‍රීඩකයින් ගෝල දිනුම් 3ක් උත්සහක දිනුමක් සහ දඬුවම් පහර දෙකකින් ලකුණු රැස් කළේය.

    යුද හමුදාව සහ ගුවන් හමුදාව අතර තරගය රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. පළමු අර්ධය නිමා වුණේ, ලකුණු 19-14ක් ලෙස, යුද හමුදාව ඉදිරියෙන් සිටිමින්. නියමිත කාලය අවසන් වනවිට ලකුණු තත්වය දැක්වුණේ, 29-21ක් ලෙසයි. තරගයේ ජය, යුද හමුදාව සතුවිය.

     

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

    Latest News