එංගලන්තයට ලකුණු 57ක ජයක්

නොවැ 18, 2018

    ශ්‍රී ලංකාව සමග පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ද ලකුණු 57කින් ජයගැනීමට එංගලන්තය සමත් විය.

    ඒ අනූව, තරග 03කින් සමන්විත තරගාවලියේ පැවති තරග දෙකම ජය ගනිමින් තරගාවලියේ ජයග්‍රහණය ද එංගලන්තය සතු කර ගැනිණ. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ අද දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමට කඩුලු 07ක් දැවී ලකුණු 226ක් ලබා සිටියා.

    ඒ අනූව, ඔවුන්ට තරගය ජය ගැනීම සඳහා තවත් අවශ්‍යව තිබුණේ ලකුණු 75ක් පමණයි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අද දිනය සඳහා ලබා ගැනීමට හැකිවූ ලකුණු සංඛ්‍යාව 17ක්. දිනයේ පළමු කඩුල්ල ලෙස නිරෝෂන් දික්වැල්ල ලකුණු 35කට දැවී ගියේය. සුරංග ලක්මාල් ලකුණු රැස් කළේ නැත. මාලිංද පුෂ්පකුමාර එක් ලකුණයි. ඒ අනූව, එංගලන්තය තරගය ජය ගත්තේ ලකුණු 57කින්.

    එංගලන්ත කණ්ඩායම ප්‍රථම ඉණිමේ දි ලකුණු 290ක් සහ දෙවැනි ඉණිම  ලකුණු 346ක් රැස්කළේය.  ශ්‍රි ලංකා කණ්ඩායම ප්‍රථම ඉණිමේ දී ලකුණු 336ක්  සහ දෙවැනි ඉණිමේ දී ලකුණු 243ක් රැස්කිරීමට සමත් විය.

    Latest News