ශ්‍රී ලංකා-බංග්ලාදේශ අවසන් එක්දින තරගය හෙට

ජූලි 30, 2019

    බංග්ලාදේශය සමඟ හෙට (31) පැවැත්වෙන තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව, නායක දිමුත් කරුණාරත්න පවසයි.

    තරගය පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද (30) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. හෙට තරගයට සූදානම් වන ශ්‍රී ලංකා කණ්ඩායම, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී අද පෙර පුහුණුවීම්වල නිරත වූහ. තරගාවලියේ පළමු තරග දෙකම ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා පිල, මේ වනවිටත් තරගාවලිය ජයගෙන අවසන්. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය මේ දක්වා එක්දින තරග 47 කදී මුණගැසී තිබේ. ඉන් තරග 38ක් ජය ගත්තේ, ශ්‍රී ලංකාවයි. ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී දෙරට අතර දැනට පවත්වා ඇති තරග සංඛ්‍යාව 8ක්. ඒ සියල්ලෙහිම ජය හිමිකර ගත්තේ, ශ්‍රී ලංකා කණ්ඩායමයි.

    Latest News