තිලාන් සමරවීර නවසීලන්ත පුහුණු උපදේශක ධූරයට

ජූලි 30, 2019

    හිටපු ටෙස්ට් ක්‍රීඩක තිලාන් සමරවීරව නවසීලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරයේ පුහුණු උපදේශක ලෙස තෝරාගෙන තිබේ.

    ශ්‍රී ලංකාවේ තණතිළිවල ස්වභාවය සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය පිළිබඳව ඔහුට ඇති සුවිශේෂි අත්දැකීම් සැලකිල්ලට ගනිමින් නව පත් කිරිම නවසීලන්ත ක්‍රිකට් විසින් කර ඇත.

    නවසීලන්තය ලෝක ටෙස්ට් ශූරයන් විමේ අපේකෂාවෙන් පසු වන අතර ඔවුන් ශ්‍රි ලංකාවේ සංචාරයක නිරත වන්නේ වසර 07කට පසුයි. ශ්‍රී ලංකාව තුළ ඔවුන් තරග 15කට සහභාගිවි ඇති අතර ඉන් 06ක් පරාජයවි තිබේ.

    අගෝස්තු 14 වන දින ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් ආරම්භ වන පළමු ටෙස්ට් තරගයෙන් තිලාන් සමරාවීර රාජකාරි ආරම්භ කිරිමට නියමිතයි.

    “සංචාරයේ ටෙස්ට් අදියර සඳහා තිලාන් අප සමඟ කටයුතු කිරිම සතුටට කරුණක්” යැයි ප්‍රධාන පුහුණුකරු ගැරී ස්ටෙඩ් අඟහරුවාදා NZC මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. “ශ්‍රී ලාංකික තත්වයන් පිළිබඳ ඔහුගේ දැනුම මිල කළ නොහැකි බවත් “ඔහු කියා සිටි.

    සංචාරයට සහභාගි වන ක්‍රිඩකයින් 15 දෙනාගෙන් ටෙස්ට් අත්දැකීම් ඇති ක්‍රීඩකයින් වන්නේ රොස් ටේලර් සහ කේන් විලියම්සන් පමණි. නවසීලන්ත පූර්ණ කාලීන පිතිකරණ පුහුණුකරු පීටර් ෆුල්ටන් මීට දින කිහිපයකට පෙරයි පුහුණුකාර ධූරයට පත්ව ඇත්තේ. නවසීලන්තය සමරවීරාගේ අත්දැකීම් බලාපොරොත්තුවේ. ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 81 ක් ක්‍රීඩා කර ඇති අතර, සාමාන්‍ය 48 ක් .

    “ඔහු සිය පළමු සංචාරයේදී පීටර් ෆුල්ටන්ට විශාල සහයක් ලබා දෙනු ඇත,“ ස්ටෙඩ් පැවසීය. “ලූක් රොන්චි ලෝක කුසලාන තරගාවලියේදී අමතර සහායක පුහුණුකරුවෙකු සිටීම අපට ඉතා හොඳින් ක්‍රියාත්මක විය. තිලාන් ද කණ්ඩායමට බොහෝ දේ ලබා දෙනු ඇති බවට“ විශ්වාසයි යැයි ඔහු කියා සිටි.

    Latest News