ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් නුවන්ට උපහාර උත්සවයක්

ජූලි 29, 2019

    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තුන්වැනි එක්දින ක්‍රිකට් තරගයේදී වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර උපහාර පිදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

    අද ඔවුන් මේ බව නිල වශයෙන් තීරණය කර ඇත. නුවන් කුලසේකර පසුගිය බදාදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් නිවේදනය කළේය. වසර ගණනාවක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ කුලසේකර, කලක් ජාත්‍යන්තර එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව පළමු ස්ථානයේ පසුවිය. එක්දින තරග 187කදී ශ්‍රී ලංකාව නියෝජනය කළ නුවන් කුලසේකර කඩුලු 199ක් දවා ගෙන තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළේ ඔහුට සමුදීම සඳහා උපහාර උත්සවයක් පැවැත්වීමට තීරණය කළ බවයි.

    ශ්‍රී ලංකා-බංග්ලාදේශ තුන්වැනි එක්දින ක්‍රිකට් තරගයේදී මෙම උපහාර දැක්වීම සිදු කිරීමට නියමිත බව ද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ. දෙරට අතර තුන්වැනි තරගය ලබන 31 වැනිදා පැවැත්වීමට නියමිතයි.

    Latest News