හතලිස්පස්වන ජාතික මහා ක්‍රීඩා උළෙල අනුරාධපුර උතුරු මැද පලාත් ක්‍රීඩාංගණයේදී

ජූලි 21, 2019

    හතලිස්පස්වන (45) ජාතික මහා ක්‍රීඩා උළෙල අනුරාධපුර උතුරු මැද පලාත් ක්‍රීඩාංගණයේදී මේ දිනවල පැවැත්වේ.

    විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන මෙම ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී ක්‍රිකට්, පැසිපන්දු සහ බැඩ්මින්ටන් තරග මේ යටතේ පැවැත්විණි.

    පැසිපන්දු තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (20) අනුරාධපුර, උතුරුමැද පළාත් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ඒ අනුව පැසිපන්දු තරගාවලියේ පිරිමි තෙවන (03) ස්ථානය සඳහා නැගෙනහිර පළාත සහ වයඹ පළාත අතර තරඟය 50/66 ලෙස ලකුණු ලබාගෙන, වයඹ පළාත පැසිපන්දු පිරිමි තෙවන ස්ථානය ලබා ගන්නා ලදී.

    පැසිපන්දු තරගාවලියේ කාන්තා තෙවන ස්ථානය සඳහා දකුණු පළාත සහ මධ්‍යම පළාත් අතර තරඟයේ ලකුණු 85/41 ලෙස ලකුණු ලබාගෙන දකුණු පළාත තෙවන ස්ථානය හිමි කර ගැණින.

    ඒ අනුව 45 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ පැසිපන්දු තරගාවලියේ පිරිමි අවසන් තරගය උතුරු පළාත සහ බස්නාහිර පළාත් අතර පැවැත්වූ අතර ලකුණු 77/44 ලෙස ලබාගෙන බස්නාහිර පළාත ශූරතාවය හිමිකර ගත්තේය. එමෙන්ම පැසි පන්දු තරගාවලියේ කාන්තා අවසාන තරගය උතුරු පළාත හා බස්නාහිර පළාත අතර පැවැත්විණ. ඒ අනුව ලකුණු 76/39 ලෙස ලබාගෙන බස්නාහිර පළාත ශූරතාව හිමිකර ගනු ලැබිණ.

    2019 - ජාතික මහා ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය, බස්නාහිර පළාත නියෝජනය කළ සුරංගි ගුනවිජය ක්‍රීඩිකාවටත්, දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය බස්නාහිර පළාත නියෝජනය කළ අර්නෝල්ඩ් තේවකුමාර් පිරිනැමිණ.

    Latest News