ජනපති රග්බි කුසලානය බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයට

ජූලි 21, 2019

    ජනාධිපති කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශුරතාව හිමිකර ගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සමත්වුණා.

    ඒ, අවසන් තරගයේදී වෙස්ලි විද්‍යාලය පරාජය කරමින්. තරගාවලියේ අවසන් තරගය ඊයේ පැවැත්වුණේ, කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී. පළමු අර්ධයේ පෙරමුණ ගැනීමට සමත්වුණේ, වෙස්ලි විද්‍යාලයයි. ඒ ලකුණු 15-8ක් ලෙස. එහෙත්, දෙවැනි අර්ධයේ දී දක්ෂ ලෙස ක්‍රීඩා කළ ශාන්ත පීතර විද්‍යාලය තවත් ලකුණු 10ක් රැස් කිරීමට සමත්වුණා.

    එම අර්ධයේ දී වෙස්ලි ක්‍රීඩකයින්ට ලකුණක් රැස් කිරීමට හැකිවුණේ නැහැ. ඒ අනුව ලකුණු 18-15ක් ලෙස අවසන් තරගය ජයගත් ශාන්ත පීතර විද්‍යාලය අඛණ්ඩව දෙවැනි වරටත් එම ශුරතාව දිනාගත්තා. ශාන්ත පීතර විද්‍යාලය මෙම ශුරතාව දිනාගත් 07 වැනි අවස්ථාව මෙයයි.

     

    Last modified on සදුදා, 22 ජූලි 2019 10:27

    Latest News