රුවල් යාත්‍රා තරගාවලියේ ජය නාවික හමුදාවට

ජූලි 07, 2019

    “ට්‍රින්කෝ බ්ලු“ රුවල් යාත්‍රා තරගාවලියෙන් ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට නාවික හමුදාව සමත්විය.

    රුවල් යාත්‍රා 55ක් එක්කර තිබූ තරගාවලිය නැරඹීමට දෙස්-විදෙස් සංචාරකයන් විශාල පිරිසක් එක්වූහ. තරගාවලිය පසුගියදා පැවැත්වුණේ ත්‍රිකුණාමලයේදී. නාවික හමුදා රුවල් යාත්‍රා ක්‍රීඩා සංචිතය, සිලෝන් මෝටර් රුවල් යාත්‍රා සමාජය, රෝයල් සිලෝන් රුවල් යාත්‍රා සමාජය, කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය රුවල් යාත්‍රා සමාජ නියෝජනය කරමින් දෙස්-විදෙස් ක්‍රීඩකයන් 70 දෙනෙකු තරගාවලියට එක්ව සිටියහ. එහිදී පැවති විවිධ ඉසව්වලින් ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන හිමිකර ගැනීමට නාවික හමුදා රුවල් යාත්‍රා ක්‍රීඩා සමාජය නියෝජනය කළ ක්‍රීඩකයන් සමත්වූහ.

    Latest News