වර්ෂාවෙන් බාධා පැමිණි තරගය පවත්වන හැටි

ජූලි 09, 2019

    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම අවසන් පූර්ව තරගයට අයහපත් කාලගුණයෙන් බාධා එල්ලවේ.

    ඉන්දියාව සහ නවසීලන්තය අතර තරගය පැවැත්වෙන්නේ එංගලන්තයේ මැංචෙස්ටර්හිදී. කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමේ ප්‍රථම කඩුල්ල, ලකුණු එකකට දවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වූහ. වර්ෂාව හේතුවෙන් තරගය නතර කරනවිට නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 46ක් එක් පන්දුවකට මුහුණ දී කඩුලු 05ක් දැවී ලකුණු 211ක් රැස් කිරිමට සමත්ව සිටියේය. නවසීලන්ත නායක කේන් විලියම්සන් ලකුණු 67යි. හෙන්රි නිකල්ස් ලකුණු 28යි.

    අයහපත් කාලගුණයෙන් බාධා එල්ල වූ තරගය ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් අයි.සී.සී. රෙගුලාසිවලට අනුව අද තරගය නතර කළ පන්දුවාරයේ සිට හෙට දිනයේ නැවත ආරම්භ කළ යුතුවේ. යම් හෙයකින් හෙට දිනයේ ද තරගය ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් මුලික වටයේ වැඩිම තරග ජයග්‍රහණය කළ කණ්ඩායම අවසන් තරගය සඳහා සුදුසුකම් ලබයි.

    Last modified on අඟහරුවාදා, 09 ජූලි 2019 20:30

    Latest News