ශ්‍රී ලංකා පිලේ අවසන් තරගයේ ජය ඉන්දියාවට

ජූලි 07, 2019

    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එංගලන්තයේ ලීඩ්ස් හිදී ඊයේ පැවති තරගයෙන් ජය ලැබීමට ඉන්දියාව සමත්විය.

    ඒ කඩුලු 7කින්. ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව මුලින් පන්දුවට පහරදීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7කට ලකුණු 264ක් රැස් කළේය. ඇන්ජලෝ මැතිව්ස් එක්දින දිවියේ තෙවන ශතකය සහ ලෝක කුසලාන තරගාවලියක රැස් කළ ප්‍රථම ශතකය සමගින් ලකුණු 113ක් ලබාගැනිමට සමත්විය. ලහිරු තිරිමාන්න ලකුණු 53යි. පන්දු යැවීමේදී ජස්ප්‍රිට් බුම්රා කඩුලු 3ක් දවා ගැනීමට සමත්විය.

    ලකුණු 265ක ඉලක්කයක් හඹාගිය ඉන්දිය පිතිකරුවන් පන්දුවාර 43යි පන්දු තුනකදී කඩුලු තුනක් පමණක් දැවී සිය ජයග්‍රහණය සනිටුහන් කළේය. ඉන්දීය පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන් ලෝකේෂ් රාහුල් ලකුණු 111ක් සහ රෝහිත් ෂර්මා ලකුණු 103ක් ලබාදෙමින් ජයග්‍රහණයේ නියමුවන් බවට පත්වූහ. තරගයේ වීරයා සම්මානය පන්දු 94කදී හතරේ පහර 14ක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 103ක් ලබාගත් රෝහිත් ෂර්මාට හිමිවිය.

    Latest News