ලෝක කුසලානය තරගාවලියට පකිස්ථානයෙන් වාර්තාවක්

ජූලි 06, 2019

    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නව ලෝක වාර්තාවක් පිහිටුවීමට පාකිස්ථානු යොවුන් ක්‍රීඩක ෂහීන් අෆරිඩ් සමත් විය. ඒ බංගලාදේශයට එරෙහිව ඊයේ පැවති තරගයේදී.

    බංගලාදේශය හා පකිස්ථානය අතර ඊයේ තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්තානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9කට ලකුණු 315ක් රැස් කළේය. ඉමාම් උල් හක් ලකුණු 100යි. බාබර් අසාම් ලකුණු 96යි. පන්දු යැවීමේ දී මුෂ්ටෆීෂර් රහමන් කඩුලු 5ක් දවා ගත්තේය. ලකුණු 316ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය බංගලාදේශයට සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 221ක් පමණයි. ෂකීබ් අල් හසන් ලකුණු 64යි. පන්දු යැවීමේ දී ෂයීන් අෆ්රිඩ් කඩුලු 6යි.

    පාකිස්ථානු ක්‍රීඩක ෂහීන් අෆ්රිඩ් ඊයේ බංගලාදේශයට එරෙහිව කඩුලු 6ක් දවා ගත්තේය. එය ලෝක කුසලාන ඉතිහාසයේ ක්‍රීඩකයෙකු කඩුලු 6ක් දවා ගත් ලාබාලතම හා ප්‍රථම පන්දු යවන්නා වශයෙන් ඉතිහාස ගත වෙමින්. එය පාකිස්ථානු පන්දු යවන්නේක ලෝක කුසලාන තරගාවලියක දී කඩුලු 6ක් දවාගත් ප්‍රථම අවස්ථාව ද වෙයි. මෙතෙක් ලෝස්ඩ් ක්‍රීඩාංගනයේ දී කඩුලු 6ක් දවාගත් ලාබාලතම පන්දු යවන්නා වන්නේ ද ඔහුයි.

    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා කණ්ඩායම් 4ක් මේ වන විට තේරී අවසන්. ඒ ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, එංගලන්තය හා නවසීලන්තයයි.

    Last modified on සෙනසුරාදා, 06 ජූලි 2019 12:20

    Latest News