බංග්ලාදේශ පන්දු යවන්නන් දන ගැස්සු එංගලන්තයට ලකුණු 106ක ජයක්

ජූනි 09, 2019

    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් ඊයේ පැවැත්වුණා. 

    එම තරගයෙන් ජය වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම් සමත්වුණා. එංගලන්තය සහ බංග්ලාදේශ අතර තරගය පැවැත්වුණේ කාඩිස්හි සොෆියා ගාඩ්න්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී 386ක් රැස් කළා. ජේසන් රෝයි ලකුණු 153යි. ඔහුගේ ඉනිමට හතරේ පහර 14ක් සහ හයේ පහර 5ක් ඇතුළත් වුණා. පිළිතුරු ලෙස බංග්ලාදේශය පන්දුවාර 48යි පන්දු පහක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී රැස් කළේ ලකුණු 280ක් පමණයි. ෂක්කිබුල් හසන් ලකුණු 121යි. තරගයෙන් එංගලන්තය ජය ගත්තේ ලකුණු 106කින්.

    Last modified on ඉරිදා, 09 ජූනි 2019 14:13

    Latest News