ශ්‍රී ලංකා - සිම්බාබ්වේ තරග නරඹන්න ටිකට් ගන්නේ මෙහෙමයි

ජන 02, 2024

    ශ්‍රී ලංකාව සමග ක්‍රිකට් තරගාවලියට සහභාගි වන සිම්බාබ්වේ කණ්ඩායම, හෙට දිවයිනට පැමණීමට නියමිතයි.

    තරගාවලිය ආරම්භ කෙරෙන්නේ ලබන 06 වැනි දිනයි.

    දෙරට අතර තරගාවලියට එක්දින තරග 3 ක් සහ 20 – 20 තරග 3 ක් ඇතුළත්. එක්දින තරග ලබන 6,8 සහ 11 යන දිනවලදී පැවැත්වෙන අතර 20 – 20 තරග ජනවාරි 14, 16 සහ 18 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.

    තරග නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර www.srilankacricket.lk ‍වෙබ් අඩවිය ඔස්සේ “ඔන්ලයින්” මගින් දැන් ලබාගත හැකියි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රවේශ පත්‍ර කවුළුවෙන් සහ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ප්‍රවේශපත්‍ර කවුළුවෙන් ලබන 04 වැනිදා සිට ප්‍රවේශපත්‍ර මිලදී ගත හැකි බව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

    තරගාවලියට අයත් සියලු තරග ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

    Latest News