ඩක්වත් සහ ලුවිස් නවසීලන්තයට ජය ගෙනෙයි

දෙසැ 31, 2023

    බංග්ලාදේශය සමග පැවති තුන්වැනි 20/20 ක්‍රිකට් තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 17කින් ජය ගැනීමට නවසීලන්තය සමත් වුණා.

    තරගය පැවැත්වුනේ බේ ඕවල් ක්‍රීඩාංගණයේදී.

    කාසියේ වාසිය හිමිකරගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව බංග්ලාදේශ පිලට ලබා දුන්නා. ඒ අනුව බංග්ලාදේශ ක්‍රිඩකයින් පන්දුවාර 19යි පන්දු දෙකක් ඇතුළත සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 110ක් රැස් කළා. පන්දු යැවීමේදී නවසීලන්තය වෙනුවෙන් මිචෙල් සැන්ට්නර් ලකුණු 16කට කඩුලු 4කදී දවා ගත්තා.

    අනතුරුව පිළිතුරු ඉනිම ආරම්භ කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 4ක් ඇතුළත කඩුළු 5ක් දැවී ලකුණු 95ක් ලබා සිටියදි තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. පසුව ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව. තරගයේ ජය නවසීලන්තය සතු වුණා.

    තරග තුනකින් සමන්විත 20/20 තරගාවලියේ එක් තරගය බැගින්  දෙපිළම ජය ගැනීම හේතුවෙන් තරගාවලිය නිමා වුයේ ජය පරාජයෙන් තොරවයි. තරගයේ වීරයා මිචෙල් සැන්ට්නර්. තරගාවලියේ වීරයා සම්මානය දිනාගත්තේ බංග්ලාදේශ ක්‍රිඩක ෂොරිෆුල් ඉස්ලාම්.

    Latest News