මැච් එකට පාර පැහැදිලියි

සැප් 08, 2023
    ආසියානු කුසලානයේ ක්රිකට් තරග පැවැත්වෙන දිනයන්වල දී කොළඹ ආර්. ප්රේමදාස ක්රීඩාංගණය අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්රියාත්මක කිරීමට හෙට (09) සිට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

     

    2023 ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර වටයේ තරග හෙට සිට ලබන 15 වැනිදා දක්වා පැවැත්වෙනවා.
    අවසන් මහා තරගය 17 වැනිදා කොළඹ ආර් ප්රේමදාස ක්රීඩාංගණයේදී පැවැත්වීමටයි, සැළසුම්කර තිබෙන්නේ.
    පකිස්ථානයේ දී පැවැත්වෙන තරගවලට සහභාගීවීම සඳහා එරට ගොස් සිටි ශ්රී ලංකා, බංග්ලාදේශ හා පකිස්ථාන කණ්ඩායම එකම ගුවන් යානයකින් මෙරටට පැමිණියා.
    ඔවුන් පිළිගැනීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිළධාරීන් පිරිසක් ගුවන් තොටුපොළට පැමිණ සිටියා.
    සුපිරි කණ්ඩායම් 4 වටයේ මෙරට තරග ආරම්භ කරමින් ශ්රී ලංකාව සහ බංග්ලාදේශය හෙට තරග වැදීමට නියමිතයි.
    එය පස්වරු 3.00ට ආරම්භ කෙරෙනවා.

    Latest News