එංගලන්තයේ ශූරින් අවසන් සටනට

අගෝ 17, 2023

    එංගලන්ත කණ්ඩායම 2023 ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට අද සුදුසුකම් ලබා ගත්තා.

    සිඩ්නිහීදී පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඔවුන් හමුවේ ගෝල 3ට 1ක් ලෙස පරාජය වූයේ සත්කාරක ඔස්ට්‍රේලියාවයි. තරගයේ පළමු අර්ධයේදී ගෝල 1ට 0ක් ලෙස එංගලන්තය ඉදිරියෙන් සිටියා.

    එංගලන්ත කාන්තා කණ්ඩායම තරගාවලියේ අවසන් තරගයට පිවිසි පළමු අවස්ථාව මෙයයි.

    මේ අතර 1966 වසරෙන් අනතුරුව එංගලන්ත පිරිමි පාපන්දු කණ්ඩායමද ලෝක කුසලාන තරගාවලියක අවසන් තරගයට පිවිසි නැහැ.

    2023 ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගාවලියේ ජයග්‍රාහකයන් තීරණය වන අවසන් මහා තරගය ලබන ඉරිදා එංගලන්තය සහ ස්පාඤ්ඤය අතර ලබන ඉරිදා පැවැත්වීමට නියමිතයි.

    Latest News